නව දේශපාලන බලවේගය ගැන ඉදිරියේදී දැනගන්න පුළුවන්

නව දේශපාලන බලවේගය ගැන ඉදිරියේදී දැනගන්න පුළුවන්

October 23, 2016   08:24 pm




නව දේශපාලන බලවේගය පිළිබඳව දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් සිදුකරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේ දී නව දේශපාලන බලවේගය පිළිබඳව ජනතාවට දැනගත හැකි බවයි.

පුත්තලම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් වංචා දූෂණ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් පක්ෂ පාට භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී සඳහන් කළේය.