ලක්ෂ 56ක දුම්වැටි සමග චීන කත මාට්ටු

ලක්ෂ 56ක දුම්වැටි සමග චීන කත මාට්ටු

October 22, 2016   01:16 pm



 

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවක කාටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද(22) උදෑසන චීනයේ සිට පැමිණි එම කාන්තාව  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී ඇය සතුව තිබී දුම්වැටි කාටූන් 470 ක් රේගු නිලධාරීන් බාරයට ගෙන තිබේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 56 ක් පමණ වන බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන්  කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.