උසාවිය නිහඬද?-තීරණය හෙටට කල්යයි!

උසාවිය නිහඬද?-තීරණය හෙටට කල්යයි!

October 19, 2016   10:55 am


ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන ලද 'උසාවිය නිහඬයි'චිත්‍රපටයට අදාළ වාරණ නියෝගය හෙට දක්වා යළි කල්දමා තිබේ.

අදාළ නඩුව අද(19)කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න විතානගේ ඇතුළු 8 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණු හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් ගොනු කළ පෙත්සම මෙලෙස අද දින යළි සලකා බැලූ අප වාර්තාකරු කියා සිටියි.

මෙහිදී ප්‍රසන්න විතානගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ.

හිටපු විනිසුරු ලෙනින් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම ඉල්ලීමට එරෙහි වී ඇත.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු එම්.ඒ ගුණවර්ධන මහතා වාරණ නියෝගය ඉවත්කිරීම පිළිබඳ නඩු විභාගය හෙට දිනට කල් තබන බවත්,එතෙක් වාරණ නියෝගය හෙට දින දක්වා දීර්ඝ කරන බවත් සඳහන් කළේය.