සුහුරු පන්ති කාමර ආරම්භ කිරීමට සැලසුම්

සුහුරු පන්ති කාමර ආරම්භ කිරීමට සැලසුම්

October 1, 2016   04:32 pm



නියමු ව්‍යාපෘතියක් ලෙස පාසැල් 25 ක සුහුරු පන්ති කාමර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කොළඹ ජාතික ආරක්ෂක සේවා විද්‍යාලයට දස වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමග අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පාසැල් ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් රජය මේ වන විටත් වැඩසටහන් රැසක් දියත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශකර තිබේ.

එසේ නොවුනහොත් අනාගතයේ දී රටක් ලෙස හා ජාතියක් ලෙස හුදෙකලා වීමට සිදුවනු ඇති බවට ද පැවසූ අමාත්‍යවරයා, රජය මේ අභියෝග වලට මුහුණ දීම සඳහා විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වාදීමට පියවර ගත් බවද  සඳහන් කළේය.