ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

October 1, 2016   04:16 pm




පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, නාගරික හා පහත් බිම්වල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති කේ.ඒ අන්සාර් මහතා සඳහන් කළේ බස්නාහිර, දකුණ, ඌව හා උතුරුමැද පළාත්වල ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉතා පහත මට්ටමක පවතින බවයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති  බව සඳහන්ය.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජලය සැපයුම සිදු නොකරන ප්‍රදේශවල ජීවත්වන වියළි කාලගුණය හේතුවෙන් ජල ගැටළුවට මුහුණදී සිටින ජනතාවට ද ජල බහුසර් මගින් නොමිලේ ජලය බෙදාහැරීම මේ වන විටත් සිදු කෙරෙයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින ජනතාවට තම ජල අවශ්‍යතාව පිළිබඳ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත සහ ජල සම්පාදන මණ්ඩලයේ 1939 යන දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලීමක් කරයි.