මත් පෙති සමග 2ක් දැලේ

මත් පෙති සමග 2ක් දැලේ

October 1, 2016   04:11 pm



මත් පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී  ඔහු සතුව තිබී මත් පෙති 45ක් සහ  මත් පෙති අලෙවි කර උපයාගත් බවට  සැකකෙරෙන රුපියල් 20,000ක මුදලක් ද සොයාගෙන ඇති බව සඳහන්ය.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් මත අනාවරණය වූ තොරතුරු අනුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

ඔහු සතුව තිබී මත් පෙති 100ක් සහ රුපියල් 60,000ක මුදලක් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.