මහ මෝදර හෙදියන් ගාල්ල-කොළඹ පාර අවහිර කරයි

මහ මෝදර හෙදියන් ගාල්ල-කොළඹ පාර අවහිර කරයි

October 1, 2016   12:27 pm





ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ ගාල්ල මහ මෝදර රෝහලේ හෙදියන් පිරිසක් ඉන් ඉවත් කිරීමට ගාල්ල පොලීසිය අද(01) පියවර ගනු ලැබීය.

රෝහල් අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදාළ හෙද නිලධාරීන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් මෙලෙස විරෝධතාවක නිරත වුණි.

විරෝධතාවය හේතුවෙන් රථ වාහන තඳබදයක් ද ඇති වූ අතර  පොලීසිය පැමිණ හෙදියන් ඉවත් කිරීමට පියවර ගත් අතර එම අවස්ථාවේදී මහ මෝදර රෝහලේ හෙදියන් සහ පොලීසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණි.