විග්නේෂ්වරන් ගැන ජනතාවද අප්‍රසාදයෙන්

විග්නේෂ්වරන් ගැන ජනතාවද අප්‍රසාදයෙන්

October 1, 2016   08:26 am




උතුරේ මහ ඇමතිවරයා පිළිබඳව එම පළාතේ ජනතාවද අප්‍රසාදයෙන් පසුවන බව ශාන්ත බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා පවසයි.

ජනතා විරෝධය සමනය කරගැනීමේ අරමුණින් විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ජාතිවාදය ඉස්මතු කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර දකුණේ දේශපාලන කණ්ඩායම් වලට මෙන්ම උතුරේ දේශපාලන කණ්ඩායම් වලටද විරෝධතා පළ කිරීමේ අයිතිවාසිකම පවතින බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසන්නේ විග්නේෂ්වරන් මහ ඇමතිවරයාට ප්‍රභාකරන්ට තිබූ තරමේ ජනප්‍රසාදයක් නොමැති බවයි.