විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය රටට අපකීර්තියක්

විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය රටට අපකීර්තියක්

October 1, 2016   08:23 am



උතුරු පළාත් මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය රටට අපකීර්තියක් වනු ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ හේතුවෙන් සංචාරකයින් හරහා රටට විදේශ විනිමය ලැබීමේ හැකියාව අඩුවනු ඇති බවයි.

මෙරට නැවතත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට විදේශිකයින් විසින් අනුමාන කරනු ඇති බව පවසන පේශල ජයරත්න ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ විදේශීකයින් මෙරටට නොපැමිණීමිට එය හේතුවක් වන බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පේශල ජයරත්න මහතා මේ බව කියා සිටියේය.