ඩීසල් නිෂ්පාදන බදු ඉහළට - එහෙත් මිලෙහි වෙනසක් නෑ

ඩීසල් නිෂ්පාදන බදු ඉහළට - එහෙත් මිලෙහි වෙනසක් නෑ

August 26, 2016   05:13 pm



ඩීසල් නිෂ්පාදන බද්ද ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඩීසල් ලීටර්යක් සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි.

අගෝස්තු 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉහළ දමා ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙතෙක් අයකළ රුපියල් 03ක  ඩීසල් නිෂ්පාදන බද්ද  රුපියල් 13ක් දක්වා ඉහළ යනු ඇත.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම නිෂ්පාදන බද්ද ඉහළ නැංවුවද ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික තීරණය සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොතිබූ බවයි.