ග්‍රාම නිලධාරී තරඟ විභාගය සැප්තැම්බර් 3දා

ග්‍රාම නිලධාරී තරඟ විභාගය සැප්තැම්බර් 3දා

August 19, 2016   08:43 am


ග්‍රාම නිලධාරි තුන්වන ශ්‍රේණියට බඳවා ගැනිමේ තරඟ විභාගය ලබන මස 03 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 858ක මෙම තරඟ විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් එක්ලක්ෂ 9021ක් විභාගය සදහා පෙනී සිටිමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිටත් විභාග සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර තැපැල් මගින් අදාළ අයදුම්කරුවන් වෙත යොමු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේය.

පුෂ්පකුමාර මහතා කියා සිටියේ ලබන 29 වනදාට ප්‍රවේශ පත්‍ර නොලැබුණ අයදුම්කරුවන් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ට හෝ 011 2 785 230, 011 2 177 075 යන දුරකථන අංක වලට ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි.