උ/පෙ සිසුන්ට අනතුරු ඇඟවීමක්

උ/පෙ සිසුන්ට අනතුරු ඇඟවීමක්

July 29, 2016   05:20 pm




අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී අත් ඔරලෝසු, ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදුවන්නේ ද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ශාලාධිපතිවරුන් වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.

විශේෂයෙන් ස්මාර්ට් ඔරලෝසු සහ ජංගම දුරකථන භාවිතයෙන් විවිධ වංචනික ක්‍රියා සිදුකිරීම පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි වංචනික ක්‍රියාවල නිරත වුවහොත් එම අයදුම්කරුවන්ට වසර 05ක් විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන කිසිඳු විභාගයකට සහභාගී වීම තහනම් වන අතර මෙම විභාගයේද ප්‍රතිඵල අවලංගු වන බව  බව සඳහන්ය.

ඒ අනුව විභාග ශාලාව තුළ දී විභාග අපේක්ෂකයින්ගේ හැසිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ශාලාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත.

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 02 වැනිදා ආරම්භ වන අතර මධ්‍යස්ථාන 2,204 ක දී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 15,605 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් 1911 යන දුරකථන අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.