ඩිව්/ගජධීර නෑ-ඒත් අපි ඉන්නවා

ඩිව්/ගජධීර නෑ-ඒත් අපි ඉන්නවා

July 26, 2016   06:49 pm


ඩිව් ගුණසේකර සහ චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුන් හැරුණුවිට කොමියුනිස්ට් පක්ෂයේ සියලුමදෙනා 28 වන දින පාදයාත්‍රාවට එකතුවන බව සමාජවාදී ජනතා පෙරමුණේ මහලේකම්,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා පවසයි.

අද(26)කොළඹදී මාධ්‍යවේදියෙකු විසින් පාදයාත්‍රාවට සහභාගි නොවන බව කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර හිටපු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ කොල්ලුරේ මහතා මේ බව සඳහන් කළේය.

ජූලි මස 28 වන දින  ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා පැමිණීමට පාදයාත්‍රාවක් සංවිධානය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එකම පක්ෂය තුළ වුවද විවිධ ස්ථාවර දකින්නට ලැබේ.