28 පා ගමනට මහින්ද අපට ලොකු ශක්තියක්

28 පා ගමනට මහින්ද අපට ලොකු ශක්තියක්

July 26, 2016   03:56 pm




28 පා ගමන සංවිධානය කරන්නේ මහින්දානන්ද, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා කාංචන විජේසේකර මන්ත්‍රීන් විසින් බව පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම පා ගමනට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධවීම අපට ලොකු ශක්තියක් බවයි.

ජනතා හඬට කන්නොදෙන, ජනතා විරෝධී පාලනයට එරෙහිව මෙම පා ගමන පවත්වන බව එහිදී ඔහු පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ පා.ම ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ මුලදී අවුරුදු දෙකකට කියා පසුව අවුරුදු 5ටම සිය පාලනය පවත්වාගෙන යාමට ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්‍රීන් එජාපය සමග එක්වීමෙන් එජාපයට හිතැති කොන්ත්‍රාතුව කරන්නේ කවුදැයි දැන් පැහැදිළි වන බවයි.

පා ගමන කඩාකප්පල් කිරීමට එය පැවැත්වෙන කාලයේදී ක්‍රීඩාංගණ කිහිපයක් වෙන්කර ගැනීමට උපදේශකවරු ගණනාවක් පත්කරගෙන සිටින එජාපයේ ඇමතිවරයෙකු කටයුතු කර ඇති බවද එහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පහුගිය ආණ්ඩුව සමයේත් මේ ආකාරයට ක්‍රීඩාංගණ වෙන්කර එවැනි වැඩසටහන්වලට බාධා කිරීම් සිදුකළේ නැද්ද යන ලෙසයි.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ එවැන්නක් සිදුනොවූ බවත්, ඔබතුමා ආණ්ඩුව වෙනුවෙන්වත් අපි වෙනුවෙන්වත් පෙනී නොසිටින ලෙසය.