ක්‍රීඩකයින්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට අධි චෝදනා

ක්‍රීඩකයින්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට අධි චෝදනා

June 25, 2016   01:29 pm



පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුට එරට අධිකරණයක් විසින් අධි චෝදනා ගොණු කර තිබේ.

2009 වසරේ මාර්තු මාසයේදී ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගීවීම සඳහා ලාහෝර් අගනුවර ගඩාෆි ක්‍රීඩාංගණය වෙත යමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණි.

එහිදී කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තුවාල ලැබීය.