හෙදියන් වැඩවර්ජනයකට සැරසෙයි

හෙදියන් වැඩවර්ජනයකට සැරසෙයි

June 25, 2016   12:35 pm



හලාවත මහ රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ලබන සඳුදා වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම රෝහලේ හෙද නිලධාරිනියක් අසාධාරණ අයුරින් අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය පළ කරමින් වැඩ වර්ජනයේ නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේ අදාළ ගැටළුව විසදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග නිසි අවධානය යොමු නොකරන බවයි.