යකඩ යකා කත බිලි ගනියි

යකඩ යකා කත බිලි ගනියි

June 25, 2016   11:12 am



වැල්ලවත්ත, රාමක්‍රිෂ්ණ පාර ආසන්නයේ මුහුදු මාර්ගයේ දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් තිබේ.

අදාළ කාන්තාව අලුත්ගම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක ගැටී ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය අවුරුදු 40 ත් 45ත් අතර වයයේ පසුවන්නියක් බවට පොලීසිය සැකපළ කරයි.

මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර වැල්ලවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.