හමුවක්...

හමුවක්...

September 11, 2019  

Bookmark and Share
බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන අතිඋතුම් ආචාර්ය සෙයියද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් (His Holiness Dr. Syedna Mufaddal Saifuddin) නායකතුමන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් ඊයේ (10) දින පස්වරුවේ බම්බලපිටිය වෙරළ මාවතේ පිහිටි බෝරා ප්‍රධාන පල්ලියේ දී පැවැත්විණි.

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අතිඋතුම් ආචාර්ය සෙයියද්නා මුෆද්දල් සෙයිෆුද්දීන් (His Holiness Dr. Syedna Mufaddal Saifuddin) නායකතුමන් වෙත සිය ස්තුතිය පිරිනැමීය.

මෙහිදී සයිෆුද්දීන් නායකතුමන් විසින් මෙම හමුව සනිටුහන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණ ද පිරිනැමීය.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග සහ අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රදීප් අමිර්තනායගම් යන මහත්වරුන් ද සහභාගි විය.