බලාපොරොත්තුව..

බලාපොරොත්තුව..

August 8, 2019  

Bookmark and Share
එල්.ටි.ටි.ඊ. තර්ජන සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මායිම් ගම්මාන අතරින් ත්‍රස්තවාදීන්ට ඉලක්ක වු ගම්මානයක් ලෙස නම් කර තිබු තිරික්කපල්ම ගම්මානය අද වනවිට එම ලේබලයෙන් ඈත් වුවද දිළිදු කමේ ලේබයෙන් ගැලවී නැත.

කිසිදු බලධාරියෙකුගේ ඇස නෙගෙැටුණු මෙම ගම්මානයෙ පවුල් 40 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙයි.

තිරික්කපල්ම ගම්මානයේ මිනිසුන්ගේ ජීවන වෘත්තිය වු ධීවර රැකියාව ද අද වන විට නැවතී ඇත්තේ තිරික්කපල්ලම ආශ්‍රිතව ඇති පුබුදුගම කලපුව තුළ මත්ස්‍ය සම්පත සීග්‍ර ලෙස අඩු වීම හේතුවෙනි.

මේ හේතුවෙන් අද වන විට තිරික්කපල්ලම පවුල් බර කරට ගත් පිරිස් කලපුව දෙස හුල්ලමින් බලමින් වෙනත් විවිධ දෛනික කුලී වැඩ වලට යෙදෙමින් ජීවිත්වීමේ දැවැන්ත අරගලයක නිරතව සිටියි.

යටිතල පහසුකමවලට කියා මොවුන්ට ඇත්තේ ගම්මානය ආසන්නයෙන් ඇද ඇති විදුලි රැහැන් පද්ධතිය පමණකි .

යන්තම් කටු මැටි ගැසු සෙවිලි කළ පොල් අතු පවා දිරා ගිය නිවෙස් තුළ මේ යැයි කියන්නට කිසිදු පහසුකමක් නැති අතර කුඩා දරුවන් මැටි ගෑ පොළව තුල දුවිලි අතර සිටිනුයේ අඩුම තරමින් නිදා ගන්නට ඇඳක් තියා පැදුරක්වත් නොමැති කම නිසාවෙනි.

එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි කලබල සමයේ තිරික්කපල්ලම ගම්මානය නොහැර රාත්‍රියේ කැළෑ තුල නිදිවර්ජිතව ගම්මානය ආරක්ෂා කළ මේ මිනිසුන් ට අත්ව ඇති ඉරණම පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලඥයින්ගේ දෑස්වලට නොපෙනෙන නමුත් ඡන්දයක් ඇති සමයට පමණක් තිරික්කපල්ලම ජනතාව සොයා පැමිණ දහසක් පොරෝන්දු ලබා දී යන නමුත් පසුව සොයා ගැනීමටවත් නොමැති බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් සිටි ගම්වාසියෙක් මෙසේ ප්‍රකාශ කර ඇත.

“ අපේ තාත්තලා කවදාවත් මේ ගම්මාන දාල ගියේ නැහැ .මොකද ඒ දවස්වල යුද්ධය පවතින කාලයේ අපි පුංචියි නමුත් ඒ සිදුවිම් මට තාමත් මතකයි ගම්මානයේ තැනින් තැන කුඩා බංකර් හදලා එවායේ තමා රාත්‍රියට අපි හැංගිලා හිටියේ.

අපි බංකර ඇතුලේ ඉද්දි තාත්තා තවත් අයත් එකක් ගම ආරක්ෂා කලේ.

ඒ විදිහට මේ ගම්මාන වල මිනිසුන්ට ඉන්න වට පිටාව හදා ගත්තාට මිනිස්සුන්ගේ ජිවිත කිසිම කෙනෙක් ගොඩ නගා ගන්න උදව් කරලා නැහැ .

අපි අන්ත අසරණ වෙලා ඉන්නවා."

ඡායාරූප-හිරාන් ප්‍රියංකර