පැල්පිටගේ අලුත් පත්වීම අවලංගුයි?

පැල්පිටගේ අලුත් පත්වීම අවලංගුයි?

May 31, 2016   01:34 pm




ස්‍වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා  එම තනතුරින් ඉවත් කිරීමට යන බව වාර්තා වේ.

එකී පත්වීමට එරෙහිව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිවලින් එල්ල වූ විරෝධය හමුවේ ඔහුගේ අදාළ පත්වීම අවලංගු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

අනූෂ පැල්පිට මහතා නඩුවක චූදිතයෙක් බවත්, ඔහුව රජයේ තනතුරකට පත්කිරීම මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවත් පසුගිය දිනවල වෘත්තීය සමිති මාධ්‍ය හමු පවත්වමින් චෝදනා නගා තිබිණ.

රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කළැයි  චෝදනා ලැබ සිටින ඒ මහතාව රාජ්‍ය සේවා කොමිසම විසින් මෙලෙස රජයේ තනතුරකට පත් කිරීම ගැන එම සංවිධාන දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.

මෙවන් වාතාවරණයක් යටතේ ඒ මහතාගේ පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රාජ්‍ය සේවා කොමිසම පියවර ගෙන ඇති අතර ඊට අදාළ ලිපිය ඒ මහතා වෙත අද පස්වරුවේ ලබාදීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.