අලි ප්‍රහාරයෙන් යුක්‍රේන ජාතිකයා මරුට

අලි ප්‍රහාරයෙන් යුක්‍රේන ජාතිකයා මරුට

May 24, 2016   06:36 pm



හබරණ -සීගිරිය මාර්ගයේදී වන අලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යුක්‍රේන ජාතික යුවළක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි පිරිමියා බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ යුක්‍රේන ජාතික කාන්තාව හබරණ රෝහලට ඇතුළත් කර ඇත.