ධීවරයින් 34ක් ආපසු ඉන්දියාවට

ධීවරයින් 34ක් ආපසු ඉන්දියාවට

May 24, 2016   05:14 pm


ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ඉන්දීය රජය වෙත භාරදී තිබේ.

ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  අද(24) උදෑසන ඉන්දීය රජය වෙත භාරදුන් බව නාවික හමුදාව පැවසුවේය.

කන්කසන්තුරයට උතුරින් වූ මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සාගර් නෞකාව වෙත එම ධීවරයින් පිරිස භාර දීමට කටයුතු කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.