තුරුලිය වෙනුවෙන් අපි...

තුරුලිය වෙනුවෙන් අපි...

May 18, 2019  

Bookmark and Share
ශ්‍රී ලංකා යුද හමුදාව මනුසත් දෙරණ හා රිට්ස්බරි එක්ව සංවිධාන කරන තුරුලිය වෙනුවෙන් අපි විල්පත්තුවේ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර අද(18) ආරම්භ වුණි.

ඒ අනුව අද දිනයේ පළමු පියවර වශයෙන් පැළ හය දහසක් විල්පත්තු මරිච්චකඩ්ඩි ඇතුළු ස්ථාන 03ක රෝපණය කිරීම සිදුවෙයි.

මෙම ව්‍යාපෘතිය යටතේ විල්පත්තු ප්‍රෙද්ශයේ මරිච්චකඩ්ඩි ,පාලෝස්පිකන්දල් හා ශ්‍රී නගර් යන ප්‍රදේශවල පැල රෝපණය කරනු ලබයි.

අද පෙරවරුවේ මරිච්චකඩ්ඩි 46වන කිලෝමීටර කණුව ප්‍රෙද්ශයේදී පැවති එහි ප්‍රධාන උත්සවයට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද එක්වුණි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය සංවිධාන කෙරුණු අතර මෙම සද්කාර්යය සදහා රාජ්‍ය ආයතන ප්‍රධානින් ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු බොහෝ පිරිසක් සිය දායකත්වය සැපයූවේය.