ජීවිත...

ජීවිත...

May 15, 2019  

Bookmark and Share
අද(15) දහවල් 1.20ට පමණ කැකිරාව පොලිස් වසමේ මඩාඩුගම ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරින් එකම පවුලේ තිදෙනෙක් මිය ගොස් තිබේ.

දඹුල්ල දෙසට ධාවනය වු වෑන් රථයක් සහ ඊට ප්‍රතිවිර්ද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කල පුද්ගලයින් 8ක් හා ලොරි රථයේ රියදුරු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී වෑන් රථයේ රියදුරු, ඔහුගේ දියණිය සහ ඔහුගේ බිරිඳගේ මව මියගොස් තිබේ.

මෘත ශරීරයන් මේ වන විට දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

තුවාලකරුවන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙම පිරිස වන්දනා චාරිකවක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

තුවාලකරුවන් මේ වන විට දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ අතර භික්ෂූන් වහන්සේ නමක් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

ඡායාරූප - කාංචන ආරියදාස