පැමිණීම-නොපැමිණීම...

පැමිණීම-නොපැමිණීම...

May 13, 2019  

Bookmark and Share
ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද (13) ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුව ඇති බවයි.

දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කෙරුණි.

එහෙත් මේ වන තෙක් එම ශ්‍රේණිවල ළමුන්ගේ පැමිණිමද යථාතත්වයට පත්ව නොමැත.

මේ අතර කඳුකරයේ ප්‍රාථමික පාසල්වලද සිසුන්ගේ පැමිණීම සියයට එකක් වත් නොමැති බව විදුහල්පතිවරුන් පවසන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ප්‍රදේශයේ බොහෝ පාසල්වල දරුවන්ගේ පැමිණිම ඉතා අවම මට්ටමක පැවති අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස්දෙනෙකුට වඩා නොපැමිණි බව විදුහල්පතිවරුව් පවසා ඇත.

අම්බලන්ගොඩ ප්‍රදෙශයේ පාසල්වලද ප්‍රථමික අංශයේ මෙන්ම ද්විතිය අංශවලද අද සිසුන්ගේ පැමිනිම ඉතාම අඩුතත්වයේ පැවති බවත් නගරට ජනතාව පැමිනිමෙ අඩුවක්ද උදේ කාලයේ දැකගත හැකි වු බවත් අප වාර්තාකරු සඳහන් කළේය.

වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් වෙතද අද දිනයේ සියයට දහයක පමණ ප්‍රමාණයක්වත් සිසුන් පැමිණ නොමැති බවත් ආරක්ෂක කමිටු සාමාජිකයින් විශාල පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදා සිටියද පාසල් වෙත දරුවන්ගේ පැමිණීම ඉතාම පහළ අගයක් පවතින අද දෙරණ වාර්තාකරු පවසයි.

මීට අමතරව දිවයින පුරා සියලුම පාසල්වල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් තිබෙන බව අප වාර්තාකරුන් සඳහන් කළේය.

(ඡායාරූප-මාධව කුලසූරිය,රංජිත් රාජපක්ෂ, චන්දන උඩුවාවල, දීපාල් දී සිල්වා)