සහභාගීත්වය...

සහභාගීත්වය...

April 26, 2019  

Bookmark and Share
මුස්ලිම් ජනතාවගේ දේව මෙහයන් පවත්වන අද(26) සිකුරාදා දිනයේ ප්‍රධාන පල්ලිවල පැවැත්වෙන දේව මෙහයන් සඳහා විශාල පිරිසක් සහභාගි නොවූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඒ වෙනුවට තමන් ගේ ගම්මානවල ඇති කුඩා පල්ලිවලදි දේව මෙහයන් පවත්වා තිබේ.

වෙනත් දිනවල දහස් සංඛ්‍යාත ජනාතාවක් සහභාගි වෙන සමන්තුරේ හිජ්රා ජුම්මා දේව මෙහය සඳහා ඉතා අඩු පිරිසක් සහභාගි වූ බව අප වාර්තාකරු පවසයි.

පල්ලිය අසල ප්‍රධාන මාර්ගයේ දැඩි ආරක්ෂාව යොදා තිබු අතර ශ්‍රිලංකා යුධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය ආරක්ෂක රජකාරිවල නිරත විය.

(ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)