අවුරුදු  සිරි...

අවුරුදු සිරි...

April 14, 2019  

Bookmark and Share
සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව, හෙළ සිරිතට මුල්තැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි සිය නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට එක් විය.

ගැමි පරිසරය විදාහ දැක්වෙන සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව සමන්විත වූ අතර එම සංස්කෘතිකාංග නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුථ පවුලේ සැම එක්ව සුබ නැකතට ලිප ගිනි මොළවා අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළේය.

වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටුකරමින් ජනාධිපතිවරයා විසින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සඳහා එක් විය.

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පළ කිරීමට මැති ඇමතිවරු, කලාකරුවන්, හිතවතුන් මෙන්ම විවිධ ජනකොටස් නියෝජනය කරමින් විශාල පිරිසක් ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර, ඔවුන් සියලුදෙනා සුහදව පිළිගත් ජනාධිපතිවරයා ආහාර අනුභව කිරීමේ නැකැතට එම සියලුදෙනා එක්කර ගනිමින් ඔවුන්ට ආහාරපාන වලින් සංග්‍රහ කළේය.