අවුරුදු...

අවුරුදු...

April 14, 2019  

Bookmark and Share
ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී ඊයේ(13) දින අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ සුසන්ත කටුගම්පළ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු සේනක බණ්ඩාරනායක සහ කළමනාකරු ශාන්ත පල්ලෙවත්ත යන මහත්වරුන් සහ එම ගුවන් සේවයේ සේවක පිරිස් ද සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙමින් සිටි එංගලන්ත ජාතික යුවළකගේ පුංචි පුතෙකු ද රබන් වාදනය කිරීම කාගේත් සිත් ඇද ගත් සිදුවීමක් විය.

(ඡායරූප-ටි.කේ.ජී කපිල)