කොකේන් මත්ද්‍රව්‍ය සමග 10ක් කොටු

කොකේන් මත්ද්‍රව්‍ය සමග 10ක් කොටු

May 2, 2016   11:05 am



කොකේන්  මත්ද්‍රව්‍ය සමග නයිජීරියානු ජාතිකයින් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට තිබේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

රාගම, ගල්කිස්ස සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 222 යි, මිලි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයින් 08 දෙනා සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.