හර්තාල්

හර්තාල්

January 11, 2019  

Bookmark and Share
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පත් කිරීමට විරුද්ධව මඩකලපුවේ හර්තාල් අද(11) උදෑසන සිට ආරම්භ කර තිබේ.
නැගෙනහිර මහජන සමිතිය මගින් මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා යෝජනා කර තිබූ අතර ඒ සඳහා පොස්ටර් ආදිය ගෙනැවිත් ප්‍රදර්ශනය කරමින් මෙය සිදු කරන අයුරු දක්නට ලැබුනි.
එම පොස්ටර් මගින් ''ජනපතිතුමනි නොගැලපෙන හිස්බුල්ලාව ඉවත් කර නැගෙනහිර ජනතාව මුදා ගන්න'' යනුවෙන් සඳහන් කර තිබුනි.
එසේම මුස්ලිම් ජනතාව මේ සඳහා මැදිහත් නොවී සාමකාමී අයුරින් එදිනෙදා වැඩකටයුතු වල නිරිත වෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි.
හරතාලය නිසා දෙමල ප්‍රදේශවල කඩ පොදු වෙළදපොළවල් වසා තිබුණි.
(ඡායාරූප-ටී.අයි.ජව්ෆර්කාන්)