උදව්ව

උදව්ව

January 9, 2019  

Bookmark and Share
පොලොන්නරුව මාදුරුඔය ජලාශයෙන් වගා බිමකට ජලය ගෙන යන ඇළකට වැටී සිටි වන අලියෙකු ප්‍රදේශවාසින් හා වෙහෙරගල වනජීවි නිලධාරීන්ගේ සහය ඇතිව ගොඩට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අද(09) අළුයම මෙම වන අලියා Z-D ඇළට වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් වෙහෙරගල වනජීවි නිලධාරීන්ව දැනුවත් කර තිබේ.

වෙහෙරගල වනජීවි නිලධාරීන් පවසන ආකාරයට මෙම වන අලියා ජලය සොයා පැමිණ ඇති බවට සැකකරයි.

යකඩ දම්වැල්, කොට හා ටයර් ආධාරයෙන් ඉනිමඟක් සකස් කර පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු මෙම වන අලියා බේරා ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

මෙලෙස ගොඩ ගත් වන අලියා වෙහෙරගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ගිනිදමන රක්ෂිතය වෙත පලවා හැර තිබේ.

(ඡායාරූප-ප්‍රසාත් සමන්)