ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනියි

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනියි

March 22, 2016   09:20 pm



බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මෙම සංවිධානය ත්‍රස්ථ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සඳහන්ය.

එම නිවේදනයෙන් අයි. එස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය සඳහා බ්‍රසල්ස් නගරය තෝරාගැනීම සීරුවෙන් සිදුකළ බවයි.

තම සංවිධානයට එරෙහිව ක්‍රියා කරන රාජ්‍යයන්ට එරෙහිව මෙම ප්‍රහාර දියත් කරන බව අයි. එස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

මේ අතර බෙල්ජියම් ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි කිරීම් වලදී බ්‍රසල්ස් හි නවාතැන්පළක තිබී අයි. එස් සංවිධාන ධජයක් සහ රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් 30කට අධික පිරිසක් මියගොස් 250කට අධික පිරිසක් තුවාල ලැබීය.