රැකගැනීම...

රැකගැනීම...

September 18, 2018  

Bookmark and Share
සූරියවැව නබඩගස්වැව යු.ඩි 9 වැව තුළ රෝගාතර වූ වන අලියෙකු සිටින බවට ප්‍රදේශ වාසියෙකුගෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හට ලැබුණු තොරතුරකට අනුව එම වන අලියා හට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

යම් රෝගයක් හේතුවෙන් වැව තුළ සිටින වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද මාලක පෙරේරා ප්‍රමික වනජීවී නිලධාරින් කණ්ඩායමක්ද පැමිණ සිටියහ.

වන අලියා හට ප්‍රතිකාර කිරීම සඳහා කටයුතු කළ වෛද්‍යවරයා හට මෙන්ම වනජීවී නිලධාරින් හට වන අලියා පහරදීමට තැත් කිරීම නිසා ප්‍රතිකාර කිරීම අපහසු කාර්යයක් වුවත් පැය හතරක පමණ මෙහෙයුමකින් පසුව රෝගාතුරව සිටි වන අලියා හට අවශ්‍ය ප්‍රතිජීවක එන්නත් ලබාදීමට වෛද්‍යවරයා කටයුතු කර ඇත.

කෙසේනමුත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අකුරට වැඩ කිරීමේ වෘතිමය ක්‍රියාමාර්ග ගෙන සිටන වනජීවී නියාමකවරුන් කීපදෙනෙකුම මෙම වන අලියා හට ප්‍රතිකාර කිරීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටි අතර නමුත් ඊයේ(17) සවස 4.15 පමණ ඔවුන් එම රාජකාරිවලින් ඉවත්ව පිටව ගොස් ඇත.

කෙසේනමුත් වන අලියහට ප්‍රතිකාර කරනු ලැබූ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක පෙරේරා මහතා ප්‍රමුක වනජීවී නිලධාරින් කණ්ඩායම වන අලියහට ප්‍රතිකාර කිරීම සිදුකර අතර වන අලියාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විමසු කල ඔහු කියා සිටියේ, නිශ්චිත රෝගී තත්ත්වයක් පිළිබඳව ප්‍රකාශ කිරීමට නොහැකි බවත් යම් විෂක් ශරීර ගත වන්නට ඇති බවට සැක කෙරෙන බවයි.

කෙසේ වෙතත් මේ අතර හබරණ සහ පලුගස්වැව දුම්රිය ස්ථානයට අතර 127 කිලෝ මිටර් කණූව ආසන්නයේදී කොළඹ සිට මඩකලපුව දෙසට ධාවනය වු ඉන්ධන ප්‍රවාහනය කරනු ලැබු දුම්රියක ගැටිමෙන් වන අලි තිදෙනෙකු අද උදෑසන මිය ගොස් ඇත.

ඡායාරූප - රාහුල් සමන්ත