ශ්‍රීලනිපයේ 7ක් දොට්ට!

ශ්‍රීලනිපයේ 7ක් දොට්ට!

February 12, 2016   05:08 pm



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන 7ක සාමාජිකයින් 7 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනූව ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ද තීරණය කර ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

එසේම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු ඉල්ලීමකට සහය නොදැක්වීමට ද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.