මඩු රක්ෂිතයෙන් බෝම්බ මතුවෙයි

මඩු රක්ෂිතයෙන් බෝම්බ මතුවෙයි

February 11, 2016   11:36 am




මන්නාරම, මඩු, කීරිසුඩ්ඩාන් රක්ෂිත සීමාවේ පසුගිය යුධ සමයේ එල්. ටි. ටි. ත‍්‍රස්තවාදි කඳවුරක් පැවති ස්ථානයක සඟවා තිබු එල්. ටි. ටි. සංවිධානය නිෂ්පාදනය කළ බිම් බෝම්බ තොගයක් සොයාගත් බව මන්නාරම මඩු පොලීසිය පවසයි.

මන්නාරම,වන්නිවේලාන්කුලම ගුවන් හමුදා කඳවුරු නිළධාරීන් වෙත ලද බුද්ධි අංශ තොරතුරක් මත පොලීසිය වෙත සිදු කළ දැනුම්දීමක් අනතුරුව අදාළ බෝම්බ තොගය සොයා ගෙන තිබේ.

මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත සිදු කළ පරීක්ෂා කිරීමේදී එල්. ටි. ටි. සංවිධානය විසින් නිෂ්පාදිත රන්ගන් නමැති බිම් බෝම්බ 27 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ පහක් අදාළ ස්ථානයේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

එල්. ටි. ටි. සංවිධානය අදාළ ආයුධ සඟවා තබන්නට ඇති බව පොලීසිය සැක පළ කර තිබේ.

සොයාගත් ආයුධ නිෂ්කී‍්‍රය කිරීම සඳහා යුධ හමුදා බෝම්බ නිශ්කී‍්‍රය අංශ්‍ය අදාළ බෝම්බ තොගය භාරදුන් බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.