ශ්‍රී පාද වන්දනා සමයට විශේෂ දුම්රිය සේවයක්

ශ්‍රී පාද වන්දනා සමයට විශේෂ දුම්රිය සේවයක්

February 10, 2016   02:13 pm





ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව පෙබරවාරි මස 19වන දින සිට මැයි මස 22වන දින දක්වා මෙම දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එම දුම්රිය රාත්‍රී 7.30ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර මධ්‍යම රාත්‍රී 12.55ට හැටන් දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට නියමිතව තිබේ.

යළිත් එම දුම්රිය උදෑසන 8.30ට හැටන් දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර එය පස්වරු 2.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ‍ය.