හික්කඩුවේදී ඕස්ට්‍රේලියානු ජාතිකයා මරුට

හික්කඩුවේදී ඕස්ට්‍රේලියානු ජාතිකයා මරුට

February 10, 2016   10:12 am




හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිළී මියගොස් තිබේ.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙලෙස දියේ ගිළී අනතුරට ලක්ව ඇති අතර  කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකි.

මළ සිරුර කරාපිටිය රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) සිදුකිරීමට නියමිතව තිබේ.

හික්කඩුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.