19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ ජය ලංකාවට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ ජය ලංකාවට

February 7, 2016   02:27 pm



වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අද(07) පැවති තරගයෙන් එංගන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකර ගන්නට ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත්වී තිබේ.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියළු දෙනා දැවී ලකුණු 184ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 4කදී කඩුලු 04ක් දැවී ලකුණු 186 ක් ලබා ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.