ලාංකිකයින්ගේ නවසීලන්ත ගමන ඉන්දීය පොලීසිය වළකයි

ලාංකිකයින්ගේ නවසීලන්ත ගමන ඉන්දීය පොලීසිය වළකයි

January 21, 2016   03:45 pm



නීති විරෝධීව නවසීලන්තයට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බෝට්ටු මාර්ගයෙන් නවසීලන්තයට යාමට උත්සාහ කළ සරණාගතයින් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ සරණාගත කඳවුරු වල රැඳී සිටි අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස නවසීලන්තයට යාම සඳහා සැළසුම් කරමින් සිටියදී  එරට පොලීසිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්ය.

අදාළ පිරිස නවසීලන්තයට නීති විරෝධිව රැගෙන යාමට උත්සාහ කළ ජාවාරම්කරු ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති බවටද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.