හිරුණිකාගේ ගෝලයෝ යළිත් රිමාන්ඩ්

හිරුණිකාගේ ගෝලයෝ යළිත් රිමාන්ඩ්

January 4, 2016   12:43 pm


පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා ලබන 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එදිනට මොවුන් අනිවාර්යයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ එම තරුණයා  පැහැරගෙන යාම සඳහා භාවිතා කළ   ඩිෆෙන්රඩර් රථය අයත් බව කියන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සම්බන්ධයක් මෙයට ඇත්දැයි නීතිපති උපදෙස් ලබා ගනිමින් සිටින බවයි.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.