දකුණු අධිවේගයේ යන රියදුරන්ට අවවාදයක්

දකුණු අධිවේගයේ යන රියදුරන්ට අවවාදයක්

December 24, 2015   10:28 am



දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිටවීමේ පර්යන්තය ආශ්‍රිතව මේවන විට දැඩි රථවාහන තදබයක් හටගෙන ඇති නිසා කොක්මාදුව හා පින්නදූව පිටවීමේ පර්යන්ත භාවිතා කරන ලෙස රථවාහන හිමියන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.

ගොඩගම පිටවීමේ දොරටුව දක්වා  කිලෝමීටර් දෙකක පමණ දුරක් මෙම වාහන තදබදය පවතින බව අධිවේගී මාර්ග මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේය.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන රථ වාහන පින්නදූව සහ කොක්මාදූව අන්තර් හුවමාරු භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම්දෙන බව එස්.ඕපනායක මහතා සඳහන් කළේය.