පක්ෂ පාට භේදයකින් තොරව  වැඩකිරීම රාජ්‍ය සේවකයාගේ වගකීමයි

පක්ෂ පාට භේදයකින් තොරව වැඩකිරීම රාජ්‍ය සේවකයාගේ වගකීමයි

November 24, 2015   05:03 pm




රාජ්‍ය සේවයේ යල් පැන ගිය නීති රීති හා ක්‍රියාකාරකම් වෙනස්වන තුරු මෙරට ගොඩනැඟිය නොහැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

 ආයතන සංග්‍රහයට අනුව පක්ෂ පාට භේදයකින් තොරව  පවතින රජයේ ‍ප්‍රතිපත්ති වලට අනුව නිදහස් මානසිකත්වයෙන් යුතුව කටයුතු කිරීම රාජ්‍ය සේවකයෙකුගේ වගකීම බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා නව නිලධාරින් 43 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාම රාජ්‍ය 2500 වැඩසටහන සාර්ථක කරගැනීමේ වගකීම  මෙම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරී ඇති බවයි.