මාල කඩන්නන් 2ක් දැලේ

මාල කඩන්නන් 2ක් දැලේ

November 24, 2015   04:36 pm



රන් ආභරණ කොල්ලකෑමේ නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු හැටන් නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් පොලීසියට ලද තොරතුරක් මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී සොරාගන්නා ලද රන් මාල දෙකක් සහ මුදු තුනක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

 හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙසැම්බර් මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.