තුර්කිය රුසියානු ගුවන් යානයක් බිම දමයි

තුර්කිය රුසියානු ගුවන් යානයක් බිම දමයි

November 24, 2015   03:15 pm



රුසියානු හමුදාවට අයත් ජෙට් යානයක් තුර්කි ගුවන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ සිරියානු දේශ සීමාවේදී බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.


තුර්කි ගුවන් සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් අදාළ ප්‍රහාරය සිදුකළ බව තුර්කි ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට පෙර අදාළ යානයට අනතුරු ඇඟවීම් සිදුකළ බව ද තුර්කි ආරක්ෂක අංශ පවසයි.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ සිය හමුදාවට අයත් “එස්.යු. - 24 “ ප්‍රහාරක ජෙට් යානයට නැගෙනහිර සිරියාවේ දී ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

අදාළ යානය තුර්කි ගුවන් සීමාව ආක්‍රමණය කළ බවට තුර්කිය සිදුකරන ප්‍රකාශය ද රුසියාව ප්‍රතික්ෂේප කර තිබේ.

රුසියානු හමුදා ගුවන් යානයට ප්‍රහාරය එල්ල වී එය කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන ආකාරය වීඩියෝ පටයක ද දැක්වෙයි.


පහත වීඩියෝව බලන්න.