බස්නාහිර ඩෙංගු මෙහෙයුමක්

බස්නාහිර ඩෙංගු මෙහෙයුමක්

November 10, 2015   08:55 am



බස්නාහිර පළාතේ ඩෙංගු වැඩි අවදානම් ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ ලබන 12,13 සහ 14 යන තෙදින තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක ඩෙංගු මදුරුවන් බෝවීම  ඉහළ ගොස් ඇති බව ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවාය.