නාරායන්ට සෙරෙප්පු පහරක් - ප්‍රභාකරන් අත්අඩංගුවේ

නාරායන්ට සෙරෙප්පු පහරක් - ප්‍රභාකරන් අත්අඩංගුවේ

November 5, 2015   01:11 pm



ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් වු එම්.කේ නාරායන් මහතාට ලාංකික දමිළ සරණාගතයකුගෙන් සෙරෙප්පු පහරක් එල්ල වී තිබේ.

ඉන්දීයාවේ වෙසෙන  ලාංකික දමිළ සරණාගතයන්ගේ අනාගතය වෙනුවෙන් දේශපාලන හා මහජන ප්‍රතිපත්ති සඳහා වූ හින්දු මධ්‍යස්ථානය මඟින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගී වූ අවස්ථාවේ මෙය සිදුව ඇත.

ඉන්දීය පොලීසිය විසින් මෙම පුද්ගලයාව වහාම අත්අඩංගුවට ගෙන රෝයපෙටා පොලීසියට රැගෙන ගොස් තිබේ.

පොලිස් වාර්තාවල සඳහන්වන ආකාරයට ඉන්දියාවේ පුදුකොට්ටායි, අරන්තංගි ප්‍රදේශයේ වෙසෙන නමින් ප්‍රභාකරන් වන මෙම පුද්ගලයා 1970දී පමණ ඉන්දියාවට සංක්‍රමණය වූ සරණාගතයෙකි.

ඔහු මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා ලියාපදිංචි වී ඇත්තේ රාගවන් යන නමිනි.

නාරයන් මහතාට ප්‍රහාරය එල්ල වූ සැණින් අත්අඩංගුවට පත් වූ ඔහු පොලීසියට  රැගෙන යන අවස්ථාවේ විරෝධතාවය පළ කරමින් පවසා ඇත්තේ නාරයන් මහතා පසුගිය 2009 වසරේ යුධ සමයේදී ශ්‍රී ලංකාවට සහය වෙමින් දෙමළ ජනයාට සහයෝගය නොදුන් බවයි.