ජිනීවා යෝජනාවට ජනමත විචාරණයක්

ජිනීවා යෝජනාවට ජනමත විචාරණයක්

October 22, 2015   09:08 am



ජිනීවාහීදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගනු ලැබූ යෝජනාව පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ අදාළ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑම් එල්ල වන බවයි.

ඔහු විසින් රචිත ‘වන්නිය, ජිනීවා සහ නිව්යෝර්ක්, දෙමළ ඊලාම් මාර්ග සිතියම‘ යන කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.