පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්  වැඩි පිරිසක් හොරුන් සහ දූෂීතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් හොරුන් සහ දූෂීතයින්

October 5, 2015   12:16 am


මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටින මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් හොරුන් සහ දූෂිතයින් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.


අද පෙරවරුවේ ත්‍රීකුණාමලය නගර ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ එවන් පුද්ගලයින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳ ජනතාව වගකීම බාරගත යුතු බවයි.