විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු හෙට නිකුත්වෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු හෙට නිකුත්වෙයි

October 4, 2015   04:56 pm

2014 - 2015 වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු හෙට දිනයේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ 2014 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එම කඩඉම් ලකුණු නිකුත් කරන බවයි.

ඒ අනුව හෙට දිනයේ www.ugc.ac.lk වෙබ් අඩවියට පිවසීමෙන් හෝ  රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 ඇමතීමෙන් කඩඉම් ලකුණු ලබාගත හැකි බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළේය.

 ugc හිස්තැනක් විභාග අංකය ඇතුළත් කර   රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර යේ 1919 අංකයට කෙටි පණිවිඩයක් යොමුකිරීමෙන් ද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු දැනගැනීමට හැකියාව පවතියි.