දුම්වැටි - මත්පැන් මිල ඉහළයයි

දුම්වැටි - මත්පැන් මිල ඉහළයයි

October 3, 2015   03:15 pm





දුම්වැටියක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉහළ නැංවිම සිදු කර ඇති බව  එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව රුපියල් 30 ක්ව පැවැති දුම්වැටියක මිල රුපියල් 33 ක් දක්වා ඉහළ යනු ඇත.

මීට අමතරව බියර් ඇතුලු මත්පැන්වල  මිල ගණන් ද අද සිට ඉහල දමා ඇති බව  මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

 ඒ අනුව සාන්ද්‍රණය 5‍% ට අඩු බීර ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර සාන්ද්‍රණය 5‍% ට වැඩි බීර ලීටරයක මිල රුපියල් 60 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

 
දේශීය මත්පැන් නිෂ්පාදනය කරන මොලෑසස් ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 110 කින් ඉහළ දමා ඇති අතර විදේශ මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල   රුපියල් 160  න්  ඉහළදමා ඇත.